Where to begin - ලීඩ්ද? රිදම්ද? බේස්ද? නැතිනම් ක්ලැසිකල්ද? Guitar Guide

ගිටාරයක් වාදනය කරන්න පටන් ගන්න කොට ඔයාලට එන ප්‍රශ්ණයක් තමයි කොහෙන්ද අපි පටන් ගන්න ඕන කියලා.ගිටාරයක කොටස් අපි මුල්ම පාඩමෙන් ඉගෙන ගත් නිසා අද අපි බලමු ගිටාරයක් වාදනය කරන්න පටන් ගන්න ඕන කොහෙන්ද කියලා.

ඔයාල අහල ඇති ලීඩ් ගිටාර් බේස් ගිටාර් රිදම් ගිටාර් කිය කිය එක එක ගිටාර් වර්ග.අපි බලමු මොනවද මේවායේ වෙනස් කම් කියලා.

ලීඩ් ගිටාර් කියන්නේ ගීතයක තියෙන introduction සහ interlude එ වගේම counter parts නැත්නම් ගීතය ඇතුලින් යන වාදන ඛන්ඩ වාදනය කරන ගිටාරයටයි.
උදාහරණයක් විදියට අපි ඉගෙන ගත්ත දෛවයෝගයකින් නොවේදෝ ගීතය බලමු.මේ විඩියෝ පාඩමෙන් අපි ඉගෙන ගත්තේ ලීඩ් ගිටාර් වාදනය කරන්න.


බේස් ගිටාර් කියන්නේ ගීතයක කෝර්ඩ්ස් ඉතා පහල ස්වර උපයෝගී කරගෙන වාදනය කරන ගිටාරයයි.ඇත්තතම බෑන්ඩ් එකක වාදනය කරන්නේ නැත්ත්නම් ඔබ බේස් ගිටාර් ඉගෙන ගෙන වැඩක් නෑ.මොකද බේස් ගිටාරයක් පමනක් වාදනය කර කර ගීතයක් කියන්න ගියොත් බලන් ඉන්න මිනිස්සු හිතාවි පිස්සෙක් කියලා. ;)
බේස් ගිටාරයක සාමන්‍යයෙන් තියෙන්නේ තත් 4යි.නමුත් 5 String සහ 6 string බේස් ගිටාර් එහෙමත් තියෙනවා.පහත රූපයෙන් දැක්වෙන්නේ බේස් ගිටාරයක්.



බේස් ගිටාරය ගොඩක් වෙනස්.බේස් ගිටාරයක තත් ගොඩක් මහතයි.ඊට හේතුව තමයි බේස් ගිටාරයෙන් වාදනය කරන්නේ ඉතා පහල එහෙම නැත්නම් අති මන්ද්‍ර ස්වර.

රිදම් ගිටාර් කියන්නේ ගීතයක රිද්මය පවත්ත ගන්න ඒ වගේම කෝර්ඩ්ස් වාදනය කරමින් ගීතයට අලංකාරයක් ලබා දෙන ගිටාරයයි.යාලුවන් සමඟ සතුටු වෙන වෙලාවට ගිටාරයක් වාදනය කරමින් ගීතයක් ගායනය කරන්න නම් ඔබ ඉගෙන ගන්න ඕන රිදම් ගිටාරයයි.බෑන්ඩ් එකක නම් සාමාන්‍යයෙන් රිදම් ගිටාරයත් ලීඩ් ගිටාරයත් electric වර්ගයේ ගිටාර් වෙනවා.එම ගිටාර් දෙකම බොහෝ විට එකයි.වෙනස් වෙනවානම් වෙනස තමයි ලීඩ් ගිටරයේ tremolo arm එකක් තියෙනවා.කොහොම වුනත් ගිටාර් දෙකේ මූලික සැකස්ම එකයි.ලීඩ් ගිටරයෙන් රිදම් ගහන්නත් රිදම් ගිටාරයෙන් ලීඩ් ගහන්නත් පුලුවන්.පහතින් දැක්වෙන්නේ electric ගිටාරයක්.



මේ අපි ඉගෙන ගත්තේ සාමාන්‍යයෙන් බෑන්ඩ් එකක වාදනය කරන ගිටාර් වර්ගයි.මීට අමතරව ක්ලැසිකල් ගිටාර් , ෆ්ලෙමින්කෝ ගිටාර් වැනි විවිධ ගිටාර් වර්ග එහෙමත් නැත්නම් ගිටාර් වාදන ක්‍රම තියෙනවා.පහල දැක්වෙන්නේ ක්ලැසිකල් ගිටාර් වාදනයක්. එවැනි ගිටාර් ශිල්ප ගැන අපි පසුව සොයා බලමු.





ඔබට ගිටාර් වාදනය කරන්න පටන් ගන්න හොදම ක්‍රමය තමයි මුලින්ම රිදම් ගිටාර් ඉගෙන ගන්න එක.රිදම් ගිටාර් ඉගෙන ගැනීමේදි ඔබට කෝර්ඩ්ස් වාදනය කරන්න දැනගන්න වෙනවා.එවිට ඔබගේ ඇඟිලි හොඳින් ඇදිලා ව්‍යායාම වලට ලක් වෙලා ගිටාර් වාදනය කරන්න පහසු වෙනවා. රිදම් ගිටාර් ඉගෙන ගැනීම ලීඩ් සහ බේස් ගිටාර් වාදනය කරන්න හොඳ පදනමක් වෙනවා.

මූලික කෝර්ඩ්ස් ඉගෙන ගෙන ගීතයක් දෙකක් වාදනය කරන්න පටන් ගත්තාම ඔබට පුලුවන් ලීඩ් ගිටාර් ඉගෙන ගන්න.එහෙම නැතිනම් ඔබට පුලුවන් ක්ලැසිකල් ගිටාර් වාදනය කරන්න ඉගෙන ගන්න.