Sinhala Guitar Tab Lesson Part 3

E--------0------------------------------------
B-------0-------------------------------------
G------0--------------------------------------
D-----2---------------------------------------
A----2----------------------------------------
E---0-----------------------------------------


සමහරවිට මේ ආකරයෙනුත් ලියා ඇති ටැබ් ඔබ දැක ඇති.මෙයින් අදහස් වන්නේ ඉහල සිට පහලට පිලිවෙලින් සුළු කාල පරතරයක් ඇතිව වාදනය කල යුතු බවයි.
පහත දැක්වෙන්නේ එම හැඩයමයි.නමුත් මෙහිදී ස්වර අතර පරතරය වැඩියි.එවිට ඔබ එම Chord එක arpeggio ආකාරයට වාදනය කල යුතු වනවා.

E------------------0------------------------------
B---------------0-----0---------------------------
G------------0------------0-----------------------
D---------2------------------2--------------------
A------2-------------------------2----------------
E---0--------------------------------0------------

දැන් ඔබට නැගෙන ප්‍රශ්ණය තමයි
සෑම ස්වරයක්ම එකම කාල පරතරයකින් වාදනය කල යුතුද යන්න.
මෙය තමයි ටැබ් සහ සම්මත ස්වර ප්‍රස්ථාර වල ඇති වෙනස.සාමන්‍යයෙන් ටැබ් එකක එවැනි තොරතුරු අඩංගු නොවේ.ස්වර වල කාල පරතරය සොයාගැනීමට ඔබ අදාල ගීතය ශ්‍රවණය කර තිබිය යුතුයි.කෙසේ වෙතත් ටැබ් එකක ඉලක්කම් ලියා ඇති පරතරය අනුව ස්වර වල කාල පරතරය පිලිබඳව දළ අදහසක් ගත හැකියි.නමුත් එය ටැබ් එක ලියන පුද්ගලයා අනුව තීරණය වෙනවා.සමහරවිට ටැබ් වල අදාල ස්වරයේ වටිනාකම උඩින් පෙන්වා දී තියෙන්නත් පුලුවන්.

අවසානයේදී ඔබ වටහා ගත යුතු දේ තමයි ටැබ් එකක උපරිම ප්‍රයෝජනය ගැනීමටනම් අදාල ගීතය ඔබ හොඳින් ශ්‍රවණය කර තිබිය යුතුයි යන්න.
මීලඟ පාඩමේදී අපි ටැබ් එකක අඩංගු වෙන වෙනත් සංකේත පිලිබඳව විමසා බලමු.