Parts Of a Guitar - ගිටාරයක කොටස් හඳුනාගමු.

ගිටාර් එකක් වාදනය කරන්න පටන් ගන්න කෙනෙක්ට මුල ඉඳලා සිංහලෙන් පාඩම් මාලාවක් දාන්න කියල ගොඩක් අය ඉල්ලීම් කලා.ඉතින් මම හිතුවා එ පිළිබඳව සිංහල ලිපි පෙලක් ලියන්න.මෙය තමයි එහි ප්‍රථම ලිපිය.ලිපිය වැදගත් නම් comment එකක් දාල යන්න.




ගිටාරයක් වාදනය කරන්න පෙර එහි ඇති කොටස් හඳුනාගැනීම ඉතා වැදගත් වෙනවා.අද අපි බලමු ගිටාරයක මූලික කොටස් සහ ඒවායේ කාර්ය භාරයන් මොනවද කියල.
පහතින් දැක්වෙන්නේ බොක්ස් ගිටාරයක මූලික කොටස් දැක්වෙන රූප සටහනක්.






දැන් අපි එක එක කොටස් වල විස්තර සොයා බලමු.

Head
ගිටාරයේ Tuning Pegs සවි වෙන කොටස.

Tuning Pegs
ගිටාරයේ තත්  (strings) සුසර කරගැනීමට (Tuning) භාවිතා වන කොටස.

Nut
ගිටාරයේ තත් නිදහසේ කම්පනය වීම සඳහා ඇති ප්ලාස්ටික් කොටස.

Neck
ගිටාරයේ Nut එක සහ Body එක අතර අති Frets සහිත කොටස.

Fingerboard/Fret Board
ගිටාරයේ විවිධ ස්වර වාදනය කිරීම සඳහා සාමාන්‍යයෙන් වම් අතින් අල්ලනු ලබන Neck එකේ ඉදිරිපස කොටස.මෙහි Frets සාදා ඇත්තේ ගණිතමය නීති අනුව ස්වර වල සමාන පරාස සිටීමටයි.එම නිසා Frets අතර පරතරය එන්න එන්න වැඩිවේ.


Sound Hole
ගිටාරයේ තත් වල කම්පනයන් වැඩි කිරීම සඳහා ඇති විවරය.

Bridge
ගිටාරයේ තත් Body එකට සවි කරන කොටස

Saddle
Bridge එක අන්තයේ තත් කම්පනය වීමට නවත්තගන්නා කොටස

Pick Guard
Pick එකක් භාවිතා කිරීමේදී Body එක සීරීම් වලින් ආරක්ෂා කර ගන්නා කොටස

Body
මෙය මඟින් ගිටාරයේ තත් වල කම්පනයන් වැඩි කර ශබ්දය වැඩි කර දෙනු ලැබේ.