How to Hold the Guitar and First Excercise - ගිටාරයක් අල්ලන ආකාරය

  ගිටාරයේ කොටස් ඉගෙන ගත්තට තාම අපි ගිටාරයක් වාදනය කරන්න පටන් ගත්තේ නෑනේ.
(මීට ඉහත පාඩමෙන් අප ගිටාරයේ කොටස් හදුනා ගත්තෙමු. ‍අද අපි ගිටාරයක් නිවැරදිව වාදනය කරන අයුරැ සලකා බලමු)



ඕනෑම දෙයක් ඉගෙන ගන්න කලින් ඒ හා සම්බන්ධ මූලික දේවල් (basics) දැනගෙන ඉන්න එපැයි. ඉතින් අද මම බලාපොරොත්තු වෙන්නෙ ඔන්න ඔය basics ටික කට්ටියට කියල දෙන්න. මේව ගැන දන්න අයත් ඉන්නවා ඇති. ඒ වුනාට ආධුනිකයෙක්ට මේ කරුණු ගොඩක් වැදගත් වේවි. ඒක නිසා හැමෝටම ‍තේරෙන විදියට සරලව කියල දෙන්නම්.
(මෙහිදී ගිටාර් ‍වාදනය හා සම්බන්ධ වැදගත් මූලික කරැණු කහිපයක් (basics) වෙත අප මුලින්ම අවධානය යොමු කරමු. මෙම කරැණු නිවැරදි ශිල්පීය දක්ෂතාවක් දැක්වීමට මහත් පිටුවහලක් වන අතර මුල සිටම නිවැරදි භාවිතයට හුරැවීම වඩාත්ම වැදයත් කරැණත් වේ. ආධුනිකයෙකුට මෙන්ම ප්‍රවීනයෙකුට වුවද තම වැරදි භාවිත ඉවතලීමට මේ කරුණු පැහැදිලි අවබෝධය ඉතාමත්ම වැදගත්වේ.



හොදයි. දැන් පහතින් දැක‍්වෙන රූපය මැනවින් නිරීක්ෂණය කරන්න.





මේක තමයි සාමාන්‍යය ගිටාරයක් (box‍ guitar) රදවා ගන්නා අකාරය. ගිටාර් එකේ බද කොටස (body) දකුණු කකුල උඩ තබා තම පපුව හා දකුණතින් අවම අයාසයකින් රදවා ගන්න.
මෙහිදී පිහිටීමේදී දකුණු අතට නිදහස් චලනයක් හිමි විය යුතු අතර එය ගිටාරයේ නිවැරදි ශිල්පීය දායකත්වයක් සදහා කෙරෙන වැදගත් කරැණක්වේ. තවද මෙය අයාසයකින් තොරව ඔබට ගි‍ටාරය වාදනයට කිරීමටද මහත් පහසුවක් වෙනවා. ඒ ව‍ගේම තමයි ගිටාර් එකේ neck එක කියන කොටස හැම තිස්සෙම තිරසට ආනත කරල තියාගෙන වාදනය කිරීම. මේ නිසා වාදකයාගේ වම් අතට දැනෙන ආතතිය බොහෝ දුරට අඩු වෙනවා. Chords ‍වාදනයේදී හෝ, lead parts ‍වාදනයේදී හෝ වම් අතට ගිටාර් අනවශ්‍යය ආතතියක් ලබා නොදිය යුතුයි. එමනිසා හැමවිටම neck එක තිරසට ආනත කර තබා ගතයුතු වෙනවා. පහතින් රෑප සටහනින් එය ඔබට වඩාත් පෙන්වා දිය හැකියි.






හොදයි.මීලගට අපි මූලික අභ්‍යාස ටිකක් පුහුණු වෙමු.මේ අභ්‍යාස වලට කලින් හැමෝම දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා.අපි මුලින්ම ඒ ටික ඉගෙන ගමු.

1).අභ්‍යාස පුහුණු වීමේ පහසුව සදහා වම් අතේ ඇගිලි අංක කර ගැනීම.
  මේක ගොඩක් සරල දෙයක් කියල හැමෝටම තේරෙනවනෙ.ඒක නිසා පල්ලෙහා රූපය එකට අනුව වම් අතේ ඇගිලි වලට අදාල අංක මතක තියාගන්න.සාමාන්‍යයයෙන් මාපට ඇගිල්ල "T"(Thumb)යොදා සටහන් කරණු ලැබේ.







2). ගිටාර් එකේ ඇගිලි පුවරැව (fret board) එක සහ තත් (strings) හදුනාගැනීම.

සාමාන්‍යයෙන් fret board එකක් අංක කරන්නේ මෙහෙමයි.Guitar chords ඉගෙන ගන්න කොට මේක ගොඩක් වැදගත් වෙනවා.




  ඊළගට අපි ගිටාර් එකේ strings හය හදුනගමු.ඊට කලින් මේ රූපය බලල ඉන්න.




 සාමාන්‍යයෙන් අපි ගිටාරය ගැන හදාරන්නේ රේඛා මණ්ඩල ප්‍රස්ථාර (The Staff Notation) මගිනි. මූලික බටහිර සංගීත ස්වර නාම හත සදහා ඉංග්‍රිසි හෝඩියේ මුල් අක්ෂරයන් 7 උපයෝගී කරගනී. එමනිසා ස්වර අංකනය ගැන හොද අවබෝධයක් මුල සිටම තබාගන්න.




මේ තියෙන්නේ ගිටාර් එකේ open strings වල notation එක."Open" කියල කියන්නේ fret board එක මත ඇගිලි කිසිවක් තියන්නේ නැතිව, තියෙන විදියටම play කරන කොටයි.5වෙනි සහ 6වෙනි strings වලින් එන්නේ base sound එකක්.ඉහත ආකාරයට ස්වර පිහිටන්නෙ ගිටාර් එක හරියට tune කරල තියෙනවනම් විතරයි.ගිටාරය tune කරන එක ගැනත් කියන්න ඕනෙ.ආධුනිකයෙක්ට නම් වඩාත් සුදුසු පලපුරුදු කෙනෙක්ට කියල මුලින්ම ගිටාර් එක tune කරගන්න එක.ගිටාර් එකක් practice කරද්දි අනිවාර්යයෙන් standard tuning තියෙන්න ඕනෙ.ඒක නිසා මුලදි පලපුරුදු කෙනෙක්ට කියල tune කරගන්න.


3).Play කරන්න කලින් ගිටාර් එකේ standard tuning තිබේදැයි බැලීම.

මේක මම කලින් කිව්ව වගේ ආරම්භයෙදි පලපුරුදු කෙනෙක් මාර්ගයෙන් කරගන්න.

4).වම් අතින් guitar neck එක අල්ලන අයුරු...

වම් අතේ ඇගිලි fret board එක මත හැසිරවීම පහසු කරගන්න නම් පහත අයුරින් guitar neck එක අල්ලන්න ඕනෙ.


මේ විදියට අල්ලන්න එපා.එතකොට ඇගිලි හසුරවන්න ටිකක් අමාරුයි.
සාමාන්‍යයෙන් මේ විදියට ගිටාර් එක අල්ලන්නේ electric ගිටාර් වල bends වාදනය කරනකොටයි.


5). ගිටාර් pick එක අල්ලන ආකාරය...







 

මා හිතනවා දැනට ඔය ටික ප්‍රමාණවත් කියලා. ඒක නිසා සරල අභ්‍යාසයක් පුරුදු වෙමු. පහතින් දැක්වෙන අකාරයට පුරුදු වෙන්න. මුලදි ටිකක් අමාරු වෙයි. ඒත් කැපවීමෙන් කරන්න. "Every begining is some what hard" කියන‍වනෙ.:-D

Images වල තියෙනව වගේ ඇගිල්ල තියන්න ඕනෙ fret එකක හරි මැදට විතර වෙන්න.ලොකු බලයක් යොදල strings තද කරන්න එපා.ඒ වගේම තමයි ඇගිල්ල තිබ්බට පස්සේ pick එකෙන් අදාල string එක play කරල බලන්න පැහැදිලි,තියුණු sound එකක් ඇහෙනවද කියලා.string එක තද කරන බලය අඩු වැඩි කරල මේක හොයා ගන්න පුලුවන්.

1 රූපය



2 රූපය



3 රූපය



4 රූපය



කහ පාටින් පෙන්නල තියෙන්නෙ මම උඩදි කිව්ව වගේ වම් අතෙ ඇගිලි වලට අදාල අංක ටික.1 රූපයට අනුව පැහැදිලි කරනවනම්,, මුලින්ම 6වෙනි string එකේ උඩම fret එක "1" ඇගිල්ලෙන් තද කරල pick එකෙන් 6වෙනි string එක play කරන්න.ඊට පස්සේ 6වෙනි string එකේම 2වෙනි fret එක "2" ඇගිල්ලෙන් තද කරල pick එකෙන් 6වෙනි string එක play කරන්න.ඊට පස්සේ ඊට පස්සේ 3වෙනි fret එක,,4වෙනි fret එක.මේ විදියට එක වටයක් ඉවර වුනාම නැවත මුල ඉදල පටන් ගන්න.
මේ විදියට strings හයටම play කරල practice කරන්න.මුලදි අඩු වේගයකින් play කරන්න.පස්සේ speed එක වැඩි කරල play කරන්න.

එහෙනම්, අදට මම මෙතනින් නවත්තනවා.ප්‍රශ්න තියෙනවනම් අහන්න.